ප්‍රමුඛ පුවත 1

මරණ දඩුවම පිලිබඳ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව මරණ දඩුවම යළි සක්‍රීය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කිසිදු සහයක් නොදක්වන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමගින් සිහිපත් කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී මරණ දඩුවමට එරෙහිව ශ්‍රී ලංකාවද ඇතුලු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 121 ක් යෝජනාවක් සම්මත කරගත් බවයි.

මත්ද්‍රව්‍ය මැඩලීමට මානව හිමිකම් ආරක්ෂා වන ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාත්‍යන්තර සහයෝගය දුර්වලවීමටද මරණ දඩුවම සක්‍රීය කිරීම බලපානු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට හෝ එහි කොටසකට හෝ සිරකරුවන් සඳහා යෝග්‍යතාවය පිරික්සීමට වෛද්‍යවරුන් සහභාගීවීම ආචාර ධර්මවලට පටහැණි බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 සාමන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

ඩුබායිහිදී අත්අඩංගුවටගත් මදුෂ්, අමල් පෙරේරා සහ නදීමාල් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ පුද්ගලයන් ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 03 ක්

Mohamed Dilsad

Leave a Comment