විදෙස්

අමෙරිකානු ජනාධිපතිගෙන් උතුරු කොරියා නායකට ආරාධනාවක් ?

(UTV| ඇමරිකාව) – උතුරු – දකුණු කොරියා දේශ සීමාවට පැමිණ තමන් හමුවන්නැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උතුරු කොරියා නායක කිම් ජොං අන් ට ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මෙම ආරාධනය සිදුකර ඇත්තේ ජපානයේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුලුව අතරතුර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

තවද ට්‍රම්ප් මහතා ඉල්ලා සිටින්නේ රාජ්‍ය නායක සමුලුවෙන් පසු තමන් දකුණු කොරියාව බලා පිටත්ව යන බැවින් දේශසීමාවට පැමිණ හමුවන ලෙසටත් මෙය විනාඩි කිහිපයක කෙටි සාකච්ඡාවක් පමණක් විය යුතු බවත් ඔහු පැහැදිලි කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

 

Related posts

එන්නත් නොදෙන බවට යුරෝපා කොමිසමෙන් රතු එළියක්

Mohamed Dilsad

දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

යේමනයේ අල්ඛයිඩා නායක ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment