ප්‍රමුඛ පුවත 1

අතපසු වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට දකුණේ පාසැල් කාලය වැඩි කෙරේ.

(UTV| කොළඹ) – අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු අතපසු වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීම සඳහා අමතර පන්ති පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු එය පළාත් සභාව යටතේ පාලනය වන පාසල් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

අදාළ චක්‍රලේඛයේ සදහන් වන්නේ අදාළ පාසල්වල විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි පස්වරු 2.30 දක්වා අදාළ අමතර ඉගැන්වීමේ කටයුතු සිදුකළ යුතු බවයි

එය අනිවාර්ය නොවන බව ද දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළ අතර මෙම චක්‍රලේඛය දකුණු පළාත තුළ පිහිටි ජාතික පාසල් සඳහා අදාළ නොවන බව ද දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් ගුරු සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ හා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් විරෝධය පළ කළ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

Mohamed Dilsad

අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

“කිරෙන් සපිරි දැයක්”- පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අදයි.

Mohamed Dilsad

Leave a Comment