ප්‍රමුඛ පුවත 1

වී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයි

(UTV| මාතලේ) – මෙවර යල කණ්නයේ සිටම වී මිල ඉහල දැමිමට තමන් කල යෝජනාවට අග‍්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පලකල බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ ගොඩිගමුව වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹන උත්සවයට එක්වෙමිනි.

පවතින හාල් මිලට සාපේක්ෂව වී මිලෙහි වැඩි වීමක් සිදු විය යුතු බව තමාද පිළිගන්නා බවත් ඉදිරියේ සිට කන්නයෙන් කන්නයට වී මිල ඉහල දැමිමට තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට වී වගාව සඳහා ගොවීන් විසින් යොදවන රසායණික ද්‍රව්‍ය මෙන්ම උපකරණ කුලියද පදනම් කරගෙන සුත‍්‍රයක් අනූව හාල් මිලට ගැලපෙන පරිදි වී මිල ඉහල දැමිමක් සිදු කරන බව තව දුරටත් පැවසීය.

ඉදිරියේ දී ගොවි සංවිධාන මට්ටමින් ගොයම් කැපීමේ යන්ත‍්‍ර සහ සී සෑමේ ට‍්‍රැක්ටර් රථ ලබාදීම සදහා විදේශය සමග සාකච්චා අරඹා ඇති බවත් ඒවා සාර්ථක මට්ටමේ ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

දේශිය පරික්ෂණ වලට භාජනය කර කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් නිෂ්පාදිත වී ප‍්‍රභේද හදුන්වා දිමේදි වියලි කළාපයට සුදුසු මාස දෙකහමාරකින් අස්වැන්න නෙලා ගත හැකි ප‍්‍රභේද සදහා ගොවීන් යොමු කිරීමට කටයුතු සිදු කරන බවත්, වී වේළිම සදහා යන්ත‍්‍රද ගොවි සංවිධාන මට්ටමින් ලබා දෙන බවත් හෙතෙම ප‍්‍රකාශ කලේය.

ප‍්‍රමිතියකින් යුක්ත ලොකු ලූණු කිලෝවක් සදහා රුපියල් 80 ක සහතික මිලක් ඉදිරියේදු හදුන්වා දෙන බවත් ඒ සදහා අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා ගොවීන් ඉදිරියේ ප‍්‍රකාශ කලේය.ඉන් දේශිය ලොකු ලූණු ගොවියා ආරක්ශා කර ගැනීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනූව ඉදිරියේදි සහතික මිලට අස්වැන්න මිලදී නොගන්නා වෙළදුන් හට නීතියානුකුලව කටයුතු කරන බව හෙතෙම අවධාරණය කලේය.
මාතලේ ගොඩිගමුව වැව ප‍්‍රතිසංස්කරණය සදහා වාරිමාර්ග අමාත්‍යාංශය රුපියල් මිලියන 223ක මුදලක් දරණ අතර ප‍්‍රතිසංස්කරණය කිරීමත් සමග වැවෙහි ධාරිතාවය අක්කර අඩි 200ක් වන බවත් වැව යටතේ නව කුඹුරු අක්කර 100යක් ඉදිකිරීමට අපේක්ෂිතය.

එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ඇරඹිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලි රාජ්‍යයේ මිය ගිය ලාංකික විරුවන්ගේ දේහයන් පෙබරවාරි 02 දා දිවයිනට..

Mohamed Dilsad

ප්‍රවීන ගායක සංගීතඥ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයාගේ අත්සනින් යුතු ලිපියක්

Mohamed Dilsad

Leave a Comment