ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක සහයෝගිතාව වර්ධනයට මැලේසියා-ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරු අතර සාකච්ඡා

(උදයම්,කොළඹ) – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ මැලේසියානු ආරක්ෂක අමාත්‍ය ඩාටෝ සෙරි නිෂාමුදින් මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණ.
දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනිමට අදාල කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
එහිදී රුවන් විජේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ දකුණු ආසියානු කලාපයේ රාජ්‍යයක් ලෙස මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලින මිත්‍රත්වය ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනිමට වැදගත් වනු ඇති බවයි.
අග්නිදිග ආසියාවේ විශාලතම නාවික හා ගඟන ප්‍රදර්ශනයට සහභාගීවිම සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මැලේසියාවට පිටත්ව ගොස් ඇති අතර එහිදී මෙම සාකච්ඡාව සිදු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

අතුරුදන්වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති සොයාගනී

Mohamed Dilsad

පොලිස්පතිට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට සිතාසි

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment