විදෙස්

යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තාවක්

(UTV|ජර්මනිය) – යුරෝපා සංගමයේ ඉහළම ධුරය වන යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය සඳහා පළමුවරට කාන්තාවකගේ නමක් යෝජනා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ සඳහා යෝජනා වී ඇත්තේ ජර්මානු ආරක්ෂක අමාත්‍යවරිය වන උර්සුලා වොන්ඩර් ලෙයෙන්ගේ නමය.

එම ධුරය සඳහා කාන්තා නාමයක් යෝජනා වී ඇත්තේ පළමුවරට බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පසුගියදා පැවැති මැතිවරණයෙන් තේරීපත් වූ නව යුරෝපා සංගම් නියෝජිතයන් අතරින් නායක ධුරයන් සඳහා පිරිස තෝරාපත්කරගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

ඒ වෙනුවෙන් දිගු සාකච්ඡා වාර රැසක් ද පැවැති අතර සංගමයේ ප්‍රධාන ධුර වෙනුවෙන් නාම යෝජනා පහක් ලබා දීමට හැකියාව ලැබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ප්‍රධානී ක්‍රිස්ටීන් ලෙගාර්ඩ්, මෙවර යුරෝපානු මධ්‍යම බැංකුවේ ප්‍රධානී ධුරය සඳහා යෝජනා වී තිබුණි.

එම ධුරය සඳහා යෝජනාවූ පළමු කාන්තාවද ඇයවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට තවත් වාරණයක්

Mohamed Dilsad

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ‘දුර්ලභ’ භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment