ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ඇගයීම සම්මාන උළෙල අදයි

(UTV| කොළඹ) – පාර්ලමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් පරිගණක කළමණාකරණ පද්ධතිය මඟින් ඇගයීම ලක් කළ රාජ්‍ය ආයතන,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය පාලන සහ කාර්ය සාධනය ඇගයීමට ලක් කෙරෙන සම්මාන උළෙල අද (05) පස්වරු 2.30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශලාවේ දී පැවැත්වෙයි.

ජනාධිපති ,  අගමැති , කථානායක සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

2019 ජුනි 21 දින රාජ්‍ය ආයතන 837ක ගිණුම් කාරක වාර්තාවක් ලෙසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර 2015 වර්ෂයේ සිට රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රැස් කරනු ලැබු තොරතුරු අනුව ඒ ඒ ආයතන පිළිබඳව තත්ත්වයන් අනුව ආයතන 109ක් ඇගයිමට ලක් කර ඇත.

විශේෂයෙන්, 2017 වර්ෂය තුළ විමර්ශනයට ලක් කරනු ලැබු රාජ්‍ය විශේෂ වැය කිරිමේ ඒකක 22 ක්, රාජ්‍ය අමාත්‍යාංශ 48ක්, රාජ්‍ය දෙපාර්තමේන්තු 93 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක්, පළාත් සභා අරමුදල් 09 ක්, විශේෂ වැය කිරිමේ ඒකක, පළාත් සභාවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු 262, පළාත් සභා ප්‍රඥප්ති යටතේ පිහිටු වන ලද ආයතන 44 ක්, මහනගර සභා 23 ක්, නගර සභා 41 ක් ,ප්‍රාදේශී 271 ක් ඇතුළු ආයතන 838 ක් මෙහි විමර්ශනයට ලක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි තත්ත්වය තවත් මසකට දිගු වෙයි

Mohamed Dilsad

වැට් බද්ද 8% දක්වා පහත බසී

Mohamed Dilsad

කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවේ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment