විදෙස්

පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලේ

(උදයම්,දකුණු කොරියාව)  –  තනතුරෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවන් හේ  අත්අඩංගුවට ගැනීමට  ඇති හැකියාව පිළිබඳව එරට නීතිපතිවරයා අධිකරණයෙන් කරුණු විමසයි.

ඇයට දූෂණ චෝදනා එල්ලවී තිබීම ඊට හේතුවී තිබේ.

පාර්ක් ගුවෙන් හේ සිය තනතුරෙන් ඉවත් කිරීමට දකුණු කොරියානු අධිකරණය පසුගියදා තීන්දු කළේය.තනතුරෙන් ඉවත් කිරීමේදී ඇයට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි පැවති ජනාධිපති වරප්‍රසාද ද අධිකරණය මගින් ඉවත් කෙරුණි.

කෙසේ වෙතත් දකුණු කොරියානු ඉතිහාසයේ මෙලෙස බලයෙන් ඉවත් කෙරුණු ප්‍රථම ජනාධිපතිනිය ද ඇයවේ.

Related posts

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

Mohamed Dilsad

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

Mohamed Dilsad

බෝට්ටු අනතුරකින් ළමුන් 24ක් බිලි

Mohamed Dilsad

Leave a Comment