ප්‍රමුඛ පුවත 1

නව කොරල් පරයක් කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ

(UTV|කන්කසන්තුරේ) – උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.

ඒ අනුව, උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධික්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙතෙක් නොදුටු කොරල් පරයක් සොයා ගැනීමට සමත්වී ඇත. මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇත.

සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල් පර හඳුන්වා දිය හැකි අතර, ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වේ. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල් පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

මිනීමරුවෙකුට ජනාධිපති සමාව ලබාදීම ඉතා කණගාටුදායකයි [VIDEO]

Mohamed Dilsad

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment