ප්‍රමුඛ පුවත 1

උණුසුම් කාළගුණය තවදුරටත්

 

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත් සබරගමුව පළාතේ හා ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවලට සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමේ ප්‍රවණතාවත් ඇති බවත් ඔවුන් පවසයි.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දැඩි උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල සිටීම , මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

බැම්මකට යටවී කුඩා දැරියක් මිය යයි

Mohamed Dilsad

ලංගම සේවකයින් පිරිසක් වර්ජනයක

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment