ප්‍රමුඛ පුවත 1

දහ අටට අඩු දරුවන් එක් ලක්ෂ 15,000 ක් මත් පැනට ලොල් වෙයි

 

(UTV | කොළඹ)  – දිවයින පුරා අවුරුදු 18 ට අඩු දරුවන් එක් ලක්ෂ 15,000 කට ආසන්න පිරිසක් හෙරොයින්, ගංජා, දුම්වැටි, මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ ජාතික අධිකාරියේ උපදේශක වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය හා පොලීසිය ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව ඇති අතර , දිවයින පුරා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් හෙරොයින්වලටත් , තුන් ලක්ෂයකට අධික පිරිසක් ගංජා භාවිතයටත් ඇබ්බැහිවී ඇති බව එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේ සිටින බවත් , මධ්‍යම හා වයඹ පළාත්වලද වැඩි වශයෙන් මේ තත්ත්වය දැක ගැත හැකි බවත් වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව පුද්ගලයින් 24,211 ක් විවිධ වර්ගයේ මත්පෙති භාවිතයට පෙළඹි ඇති බව ඔහු පෙන්වා දෙයි.

 

Related posts

උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට නිසි උසස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

Mohamed Dilsad

අද සිට දීප ව්‍යාප්ත ‍ඩෙංගු මර්ධන වැඩසටහනක්

Mohamed Dilsad

විපක්ෂයේ ප්‍රධාන ධූරය ගැන තීරණයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment