(උදයම්,ඉන්දියාව) – නීතිවිරෝධීව ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැක කෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 16.32 ක් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් වෙරළාසන්නයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනේ.
මෙම රන් තොගය රාමනාදපුරම් – තොන්ඩි වෙරළ ප්‍රදේශයේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියදුරුද පොලිස් භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.