ප්‍රමුඛ පුවත 1

ඇමතිධූර ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි -හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

(UTV| කොළඹ) – ඇමතිධූර ලබා ගැනීමට වඩා තමන්ට රට වැදගත් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රට තුල සාමය ,ආරක්ෂාව ,සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන් තමන් මේ මොහොතේ කැපවන බවයි රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.

මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා සමග ජනාධිපති නිළ නිවසේදී ඊයේ(08) විශේෂ හමුවක් පවත්වා තිබුනු අතර ඒ සදහා පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා “මේ රට තුළ සහජීවනය සාමය තිබිය යුතු නිසයි අපි සියලු දෙනා ඒ මොහොතේදී අමාත්‍ය ධූරවලින් ඉවත්වුනේ.අපිට ඇමතිකම්වලට වඩා මේ රට වටිනවා.හදිසිනීතිය තිබුනත් දැනටත් ඒවා නොතකා ඇතැම් පිරිස් සීමාව ඉක්මවා කටයුතු කරනවා,කඩාකප්පල් වැඩ කරනවා.සියලු දෙනාටම නීතිය එකලෙස වෙන්න ඕන කියලයි අපි කියන්නේ.

“මේ ත්‍රස්ත ක්‍රියා සදහා ගෑවුනු සෑම සියලුදෙනාවම හොයල බලල දඩුවම් කරන්න ඕන.අහිංසක මිනිස්සුන්ට හිරිහැර වෙන එක නතරකරන්න ඕන.මේ රටේ සහජීවනය සාමය කඩාකප්පල් කරන පිරිසක් තමන්ගේ රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යනවා.ඒ අය ගැන මේ රටේ කවුරුත් කතාකරන්නෙවත් හොයල බලන්නෙවත් නැහැ.”යනුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ විභාගය කල් දැමීමේ සුදානමක්

Mohamed Dilsad

නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment