ප්‍රමුඛ පුවත 1

විදුලිබල මණ්ඩල තෙල් සංස්ථා ගැටළුව සමතයකට

(UTV| කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබාගන්නා ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ලබාදී තිබෙන රු.බිලියන  80ක ණය සීමාව ඊයේ වනවිට ඉක්ම ගොස් තිබේ.

කෙසේ නමුත් මෙම ණය සීමාව තවදුරටත් ඉහල දැමීම සම්බන්ධයෙනුත් මේ වනවිට අවධානය යොමුවී ඇත.

ඉදිරියේදී මෙම ගැටළුවට දිගුකාලීන විසදුම් ලබාදීම තුළින් මෙවැනි ගැටළු උද්ගතවී, ඒ තුළින් ජාතික විදුලිබල පද්ධතියේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමට ඇතිවන නොහැකියාවන් වලක්වාගෙන, ජනතාවගේ දෛනික විදුලි අවශ්‍යතාවන් අඛණ්ඩව සපුරාලීමට බලාපොරොත්තු වන වබ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

“ඊයේ දිනයේදි ලංවිම තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා. මෙයට හේතුව වන්නේ ඉන්ධන ලබාගැනීම සදහා ලංකා විදුලබල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබාදී තිබෙන රු. බිලියන 80 ක ණය සීමාව ඉක්මවා යාමයි”.

“පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය නිපදවීම සදහා අපට වැඩි වශයෙන් තාප විදුලි බලාගාර උපයෝගී කරගැනීමට සිදුවේ. කෙසේ නමුත් ඊයේ දිනයේ ඇතිවූ තත්ත්වයත් සමග සමහර තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවුණා”.

ඒ අනුව ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 150 කට වැඩි ධාරිතාවයක් ඉවත්වුණා. මේ තත්ත්වය හේතුවෙන් පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට, අවශ්‍යතාවය අනුව පැයක පමණ කාලයක් නොයෙක් ප්‍රදේශ වලට විදුලි සැපයුම සීමා කිරීමට සිදුවේ.

මේ ගැටළුව විසදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා සහ ලේකම්තුමා ඇතුළු ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා සහ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡා මගින්, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් සංස්ථාව වෙත ගෙවීමට ඇති මුදල් හැකි ඉක්මණින් පියවා දැමීමටත්, එතෙක් විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාදියයුතු ඉන්ධන ලබාදීමටත් ඛනිජ තෙල් සංස්ථාව සමග එකගතාවයකට පැමිණීමට හැකි විය.

මේ දිනවල පද්ධතියේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා ජල විදුලියේ දායකත්වය ලැබෙන්නේ 10%ක් 12% ක් වගේ ප්‍රමාණයක්. මෙයට මූලික හේතුව වන්නේ මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වයයි.

“ජල විදුලි උත්පාදනය සදහා යොදාගන්නා ජලාශ වල ජල මට්ටම 22% ක් වගේ ප්‍රමාණයකට අඩු වෙලා.විදුලි උත්පාසනය වෙනුවෙන් තාප විදුලි බලාගාර වල දායකත්වය 80%ක් 85% ක් වගේ ප්‍රමාණයක්. විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේදී ලක්විජය බලාගාරයේ දායකත්වය 40%   පමණ වෙනවා. අනෙකුත් තාප බලාගාරවල දායකත්වයත් ලබාදෙනවා”.යැයි සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙසැම්බර් අවසානයේ උසස් පෙළ ප්‍රතිපල

Mohamed Dilsad

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

Mohamed Dilsad

කොළඹට විශාල ප්‍රමාණයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment