ප්‍රමුඛ පුවත 1විදෙස්

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

(UTV| කොළඹ) – 2030 වන විට ලෝ පුරා රැකියා මිලියන 20 ක‍් පමණ රොබෝවරුන් මගින් සිදු කරනු ඇති බව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

දැනට පවතින රොබෝවරුන්ගෙන් විශාල කොටසක් චීනයේ සංකේන්ද්‍රණය වී ඇති අතර එය මුළු ප්‍රමාණයෙන් 20% ක් පමණ වේ .

රොබෝවරුන්ගේ බලයෙන් තම කම්කරුවන්ට වැඩිපුරම හානියක් සිදුව ඇත්තේ චීන ආර්ථිකයටයි.

රොබෝකරණය හේතුවෙන් 2000 සිට රැකියා 550,000 ක් ඉවත් කර ඇති අතර එය වර්තමාන නිෂ්පාදන බලයෙන් 1% කට සමාන වේ.

මීට සමගාමීව, එක්සත් ජනපදය රොබෝකරණය හේතුවෙන් ශ්‍රම වෙළඳපොළෙන් රැකියා 260,000 ක් ඉවත් කර තිබේ.

මෙම තත්ත්වය නිසා රැකියා අහිමි වන පුද්ගලයන් බොහෝ දුරට සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට සම්බන්ධ වීමට ඉඩකඩ ඇති බවත් අදාළ සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

රොබෝවරුන්ගේ ආගමනය හේතුවෙන් 2004 සිට කර්මාන්තයට ඇති බලපෑම වැඩි වෙමින් පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

Mohamed Dilsad

සංචාරක සංවර්ධනට කාම්බෝජ රජය සමඟ අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment