ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී කටයුතුවල යෙදුනු 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

(UTV|පුල්මුඩේ) –  නැගෙනහිර නාවික විධානය තුල නීති විරෝධී කටයුතුවල නිරතවූ පුද්ගලයින් 11 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව, වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නෝර්වේ දූපත අවට මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදාභාරයට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ නීති විරෝධී ධිවර දැලක්, ඩිංගි යාතාවක්, පිටතදහන යන්ත්‍රයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී. තවද, නෝර්වේ දූපත අවට මූහුදූ ප්‍රදේශයේදීම මීටර් 195 ක් දිගැති නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදාගන්නා සුරුක්කු වර්ගයේ දැලක් සොයාගෙන ඇති අතර, එය මූතූර්, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යාන්ඔය පොලීස් මුරපොලෙහි සිටි නිලධාරීන් සමඟ එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් ප්‍රීගැබලින් (Pregabalin) යන වේදනා නාශක කරල් නීති විරෝධී ලෙස විකිණිම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) පුල්මුඩේ යාන්ඔය අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබූ නීති විරෝධි ප්‍රීගැබලින් කරල් 600 ක ප්‍රමාණයක් සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ ත්‍රී රෝද රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ, පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තවදුරටත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ [VIDEO]

Mohamed Dilsad

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ගෞරවාන්විත සම්මානයකින් පිදුම් ලබයි…

Mohamed Dilsad

Leave a Comment