ප්‍රමුඛ පුවත 1

ඉවත් වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍යධූර ලබාගැනීමට සුදානම්

(UTV| කොළඹ) – අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට ඊයේ (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මාධ්‍ය වෙත පැවසීය.

පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පු කරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වූ බවත් කී මන්ත‍්‍රීවරයා මේ වනවිට එම කාලය ඉක්ම ගොස් ඇති බවත් අදාළ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකිවූ බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාස්කු ඉරුදින ප‍්‍රහාරයට බදියුදීන් මන්ත‍්‍රීවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට පොලිසිය පවා වාර්තා කර තිබෙන බැවින් රටට සේවයක් කිරීමට නැවත ඇමතිධූර ලබාගැනීමට තීරණය කළ බවද ඔහු පැවසීය.

මෙම තීරණය පිළිබඳව තමන් මේ වනවිට අගමැතිවරයාට දැනුම් දී බවත් එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අගමැතිවරයා කී බවද ඒ.එච්.එම් ෆවුසි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගජ මුතු සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

Mohamed Dilsad

 LTTE සංවිධානයට සම්බන්ධ තවත් පිරිසක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment