විදෙස්

පාකිස්ථානයේ තාවකාලිකව වසාදැමූ ගුවන්තලය යලි විවෘත කෙරේ.

(UTV| පාකිස්ථානය) – පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ බලකොට් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරය නිසා වසා දැමුණු එරට ගුවන් තලය අද (16) උදෑසන යළි විවෘත කර තිබේ.

පාකිස්තාන ගුවන් සේවා අධිකාරිය දැනුම් දී තිබුණේ අද (16) අලූයම සිට පාකිස්තාන ගුවන්තලය සියළුම ගුවන් සේවා වෙත විවෘත කෙරෙන බවයි.

පසුගිය පෙබරවාරි 26 වනදා  ජායිෂ් – ඉ – මොහොමඞ් පුහුණු කදවුරක් තිබෙන බව පවසා ඉන්දීය ගුවන් හමුදා යානා පාකිස්තාන බලකොට් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර පාකිස්තානය  එරට ගුවන් තලය වසා දැමුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර්වරුන් ගැන සැකයක්

Mohamed Dilsad

චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක්…

Mohamed Dilsad

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment