ප්‍රමුඛ පුවත 1

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (17) ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

සැකකරුට එරෙහිව ගිණි අවි ආඥා පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහුට ඇප ලබාදීමට තම අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ගාල්ල මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය වළක්වා ඇප ලබාදෙන ලෙස සමන් දිසානායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාලව ගිනි අවි ආඥා පණත යටතේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති , පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන ජාතිකයින්ට වීසා දීම නතර කෙරේ – සෞඛ්‍ය ඇමැතිනි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඇප වෙයි

Mohamed Dilsad

Leave a Comment