විදෙස්

එබෝලා රෝගය ලොව පුරා පැතිරීමේ අවධානමක්

(UTV|කොංගෝව) – එබෝලා වෛරසය ලොව පුරා යළි පැතිර යාමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

අප්‍රිකානු රටක් වන කොංගෝවේ එබෝලා වෛරසය සීග්‍රයෙන් මේ වනවිට පැතිර යමින් පවතින අතර රෝගය හේතුවෙන් 1600 ක් පමණ මියගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම තත්ත්වය මත එබෝලා වෛරසය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

2014 සිට 2016 දක්වා කාලය තුළ බටහිර අප්‍රිකාවේ එබෝලා වෛරසය සීග්‍රයෙන් පැතිර ගියේය.

එහිදී  11,000ක් පමණ ජීවිතක්ෂයට පත්වුණු  බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ කොංගෝවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන අතර මෙය ලෝකයේම අවධානයට ලක්විය යුතු කාලයක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයට බයිඩන්ගෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

මරණය සමග සටන් වදින ‘රයන්’ : බේරා ගැනීම අවසන් අදියරට

Mohamed Dilsad

Leave a Comment