ප්‍රමුඛ පුවත 1

ඔන් ලයින් ක්‍රමයට පොලිස් නිශ්කාෂණ වාර්තාව

(උදයම්,කොළඹ)  – පොලිස් නිශ්කාෂණ වාර්තාව (police Clearance report) අන්තර්ජාලය ඔස්සේ (Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.

විශේෂයන්ම ඇතැම් රටවල් සඳහා  විදේශගත වීමට බලාපොරොත්තු වන  සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර  කාලයකදී ලබා ගැනීමට හැකිවන බව එම ආයතනය පෙන්වා දෙයි.

පෙර පැවති සාමාන්‍යය ක්‍රමවේදයට අනුව මෙම පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබා ගැනීමට අයැදුම් කිරීම සදහා ජනතාවට  කොළඹ ඕල්කට් මාවතේ පිහිටි කාර්යාලය වෙත පැමිණීමට සිදුවු අතර වාර්ථාව නිකුත් කිරීමට දින 14ක පමණ ගත විය.

www.police.lk, www.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට හැකි වන අතර මේ සදහා වන මුල්‍යය ගෙවීම් ණයවර කාඩ්පත් මගින් (Credit Card)  කළ හැකි බව නියෝජිතායතනය පවසයි.

මෙම පොලිස් නිශ්කාෂණ වර්තාව මෙසේ ඉ-සේවාවක් වශයෙන් කාර්යක්‍ෂම කිරීම සදහා මෙරට  සියලු පොලිස් ස්ථාන සමග තොරතුරු හුවමාරු කර ගත හැකි මධ්‍යය ගත පරිගණක තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර තිබේ.

මෙරට සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මාසයකට අයදුම්පත් තුන්දහසත් හාරදහසත් අතර  ප්‍රමාණයක් මෙම වාර්ථාව ලබා ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ලැබේ.

ඉ-සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මුලස්ථානයේදී පසුගියදා සිදු කෙරිණි.

 

Related posts

හදිසි තත්ත්වය තවත් මසකට දිගු වෙයි

Mohamed Dilsad

උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට

Mohamed Dilsad

අද සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පැය 08 ක් වැසේ.

Mohamed Dilsad

Leave a Comment