විදෙස්

ඔබාමාගේ නීති වලට ට්‍රම්ප් එරෙහි වෙයි

(උදයම්,ඇමෙරිකාව)  – කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් අනුගමනය කළ නීති රීති වෙනස් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ කාලගුණ විපර්යාස පිළිබද ප්‍රතිපත්ති පිළිනොගන්නා බව ඇමෙරිකානු නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රට තුළ කාලගුණ විපර්යාස අවම කර ගැනීම සඳහා ජනාධිපති ඔබාමා විසින් ගල් අගුරු ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම අවම කර තිබුණි.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාව තුළ ගල් අගුරු නිෂ්පාදනයන්ට පැවති සීමාවන් ඉවත් කර ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඩෙල්ටා හේතුවෙන් කොරෝනා නැවත හිස ඔසවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

ඇමරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු මරුට

Mohamed Dilsad

සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 යි

Mohamed Dilsad

Leave a Comment