ප්‍රමුඛ පුවත 1

මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 කට නායයාමේ අනතුරු ඇඟවීම්

(UTV| කොළඹ) – මහනුවර දිස්ත්‍රික්කයේද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මධ්‍යම කඳුකරයට ඊයේ (18) උදෑසන සිටම ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව මීට හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මෙම අනතුරු ඇඟවිම් නිවේදනය කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දොළුව,ගඟවට කෝරළය, උඩදුම්බර, සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත ප්‍රදේශ නායයෑමේ අවදානම් ප්‍රදේශ වශයෙන් හඳුන්වාදී තිබේ.

මෙම ප්‍රදේශවල පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 සිට මිලි මීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉදිරියේදීත් වැස්ස තවදුරටත් පවතීනම් නායයාමේ අවදානම ගැන වඩාත් අවධානයෙන් සිටින ලෙසත් ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා CIDයට නොඑන බව දැනුම් දෙයි

Mohamed Dilsad

බස්නාහිර තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහක්

Mohamed Dilsad

භාරදුන් වගකීම ඉතා හොදින් ඉටුකරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment