කලා

සල්මාන් සහ කත්‍රිනා යලි පෙම්වතුන් වෙයි (වීඩියෝ)

(උදයම්,ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් හා නිළි කත්‍රිනා කයිෆ් මේ දිනවල මොරොක්කෝවේ සංචාරයකට එක්ව සිටින බව වාර්තා වෙනවා. ඒ කබීර් ඛාන් නිර්මාණය කරන ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහායි.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා ඔවුන් දෙදෙනා සති තුනක කාලයක් එහි රැඳී සිටින බව වාර්තා වනවා.

2012 වසරේ තිරගත වූ ‘එක්තා ටයිගර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටය මේ වසරේ අගදි තිරගත වීමට නියමිතය.

සිනමා විචාරකයන් පවසන්නේ සල්මාන් හා කත්‍රිනා නැවතත් පෙම්වතුන් ලෙස දකින්නට ලැබීම හරහා මෙම චිත්‍රපටය මගින් ඉහල ආදායම් උපයාගැනීමට හැකිවනු ඇති බවය.

Related posts

ඉන්දියා නිළි කාජල් මැඩම් තුසෙඩ් කෞතුගාරයට [PHOTOS]

Mohamed Dilsad

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය

Mohamed Dilsad

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment