ප්‍රමුඛ පුවත 1

“කිරෙන් සපිරි දැයක්”- පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අදයි.

(UTV| කොළඹ) – ප්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

ඒ 2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරමුණු කරගෙනයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි “කිරෙන් සපිරි දැයක්” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහය ලබාදෙයි.

මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදුවේ.

මේ සඳහා රජය වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.

මිට අමතරව, දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම ‘කිරෙන් සපිරි දැයක් ‘වැඩසටහනේ තවත් ප්‍රමුඛ අරමුණක් වන අතර මෙම වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක් ග්‍රාම ශක්ති හරහා කිරි ගම්මාන ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

වාහන මිල ලබන වසරේදී ඉහළට

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීමට අවසර

Mohamed Dilsad

පොහොට්ටුව සහ කම්කරු කොංග්‍රසයඅතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment