ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට පත් වූවන්ට සහන – අපදා කළමනාකරණ මධ්‍යස්ථානය

(UTV| කොළඹ) – අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වුවන් සඳහා ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබා දීම මේ වන විට සිදු කර ඇති බවත්, මෙම පිරිස් නැවත යථාතත්වයට පත්වන තෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදු කෙරෙන බව අපදා කළමනාකරණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.එම් රවී ජයවර්ධන මහතා පවසයි.

ඔහු කියා සිටියේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලට බල පෑ අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක 7194 ක පමණ ජනතාව පිඩාවට පත්ව ඇති බවයි.

මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇති බැවින් නාවික හා ධීවර කටයුතු වල යෙදෙන පුද්ගලයින් හට අවධානයෙන් සිටින්නැයි දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

මේ වන විට අවතැන් වූ පුද්ගලයින් සඳහා සහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විට ආරක්‍ෂිත තාවකාලික ස්ථාන 08 ක පවුල් 39 ක පුද්ගලයින් 171 දෙනක් රඳවා ඇති බව ජේ.එම් රවී ජයවර්ධන මහතා කියා සිටියි.

අදාළ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සහන සේවා සේවා මධ්‍යස්ථානය හා ඒකාබද්ධව අවතැන් වුවන් සඳහා ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබා දීම මේ වන විට සිදු කර ඇති බවත්, මෙම පිරිස් නැවත යථාතත්වයට පත්වන තෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදු කෙරෙන බවත් ඒ මහතා පැවසිය.

නිවාස හා දේපොළ සහ ජිවිත හානි මෙන්ම හානි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් චක්‍ර ලේඛ අනුව වන්දි ලබා දීමට කටයුතු කරන අතර පුද්ගල ජිවිත හානි සඳහා එක පුද්ගලයෙකුට ලක්ෂ්‍ය බැඟින්ද, අනෙකුත් නිවාස හා දේපොළ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ඇස්තමේන්තුව උපරිමය ලක්‍ෂ 25 ක් දක්වා වූ වන්දි පිරිනැමීමට කටයුතු කරන බව රවී ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැදුම්කර වංචාව ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

බොරැල්ලේ අනතුරට සම්බන්ධ පස්දෙනෙකු අත්අඩංගුවට.මන්ත්‍රී මහින්දානන්දගේ පුතාද ඒ අතර

Mohamed Dilsad

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment