ප්‍රමුඛ පුවත 1

පුජීත්ට සහ හේමසිරිගේ එරෙහි පෙත්සම ලබන මසට කල් තැබේ.

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය යළි සලකා බැලීම අගෝස්තු මස 01 වැනිදා දක්වා කල් තැබිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීමේ අවස්ථාවට පැමිණ සිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනු කරනු ලැබුවේ පසුගිය 18 වැනිදාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 109 එරට බලධාරීන් භාරයට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 8 ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම අද

Mohamed Dilsad

Leave a Comment