විදෙස්

සංක්‍රමණිකයන් පිටුවහල කිරීමට ඇමරිකාවෙන් නව නීති සම්පාදනයක් – ට්‍රම්ප්

(UTV| ඇමරිකාව) – ඇමරිකාවේ සිටින සංක්‍රමණිකයන් වහාම පිටමං කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ඇමරිකානු ජනපතිවරයාගේ පරිපාලනය සූදානම් වන බව වාර්තා වෙයි.

අධිකරණය මඟ හැර නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැකි නව නීතියක් හඳුන්වා දීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන බවත් , එය අද දින ප්‍රකාශයට පත් කෙරෙන අතර, ඉන් පසු ඇමරිකා එක්සත් ජනපදය පුරා වහා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් විදෙස් වාර්තා පවසයි.

නව නීතිය යටතේ ඇමරිකා එක්සත් ජනපදය තුළ වසර දෙකකට වැඩි කාලයක් සිටි බවට ඔප්පු කිරීමේ ලිඛිත සාක්ෂි නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැක.

කෙසේ වෙතත් නව සංක්‍රමණික ප්‍රතිපත්තිය අධිකරණයේදී අභියෝගයට ලක් කරන බව ඇමරිකානු සිවිල් නිදහස පිළිබද සංගමය සදහන් කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෙලරූස් ජනරජයට රුසියානු හමුදා යැවීමට සූදානමක්

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා රෝගී මරණ ගණන 90000 ඉක්මවයි

Mohamed Dilsad

අගමැති මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ප්‍රාන්ත 05 ක මැතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment