ප්‍රමුඛ පුවත 1

මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – “මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ජනගත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නො ව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන “මහවැලිය – සංහිඳියාවේ ගංගාව” ග්‍රන්ථය තුළ අන්තර්ගත අතර, සිහිනයක් ව පමණක් පැවති මහවැලියේ දුෂ්කර ම හා උත්තම පරිච්ඡේදය මොරගහකන්ද කළුගඟ මහා ජලාශය ඇතුළු වියළි කලාපීය ජන ජීවිතයේ කඳුළු පිස හළ මහා වාරි විස්මිතයේ කතාව “95න් පසු මහවැලි” ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය අදින් දශක හතරකට පෙර ආරම්භ වුව ද එය තවත් වසර සිය දහස් ගණනක් ජනතාවගේ කෙත් වතු සරු කරමින් ඉදිරියට ම ගමන් කරනු ඇති අතර මහවැලියට නව ජවයක් ලබාදෙමින් සුවිශේෂී වැඩකොටසක් වත්මන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉටුකරන ලදී.

1995 වසරේ සිට ගත වූ වසර 15ක කාලය තුළ කඩිනම් මහවැලි සැලැස්මට ඔබ්බෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සහ වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය පිළිබඳ ලිඛිත ප්‍රකාශනයක අඩුව සපුරාලමින් මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් “95න් පසු මහවැලි” ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන අතර විද්වතුන්, කලාකරුවන් විශ්වවිද්‍යාල සිසුන් සහ මහවැලි සහ පරිසර විෂයට සම්බන්ධ වෘත්තිකයින් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගීවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්

Mohamed Dilsad

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment