ප්‍රමුඛ පුවත 1

ජාතික සමථ දින සැමරුම අදයි

(UTV| කොළඹ) – 2019 වසරේ ජාතික සමථ දින සැමරුම් උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරු 9.00 ට බත්තරමුල්ල වොටර්ස් ඒජ් හිදී ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා සමථ මණ්ඩල සභාපතිවරුන් සමථකරුවන් ඇතුළු 500 ක් පමණ සහභාගි වීමට නියමිතය.

ජාතික සමථ දින සැමරුම් රත්නපුර දිස්ත්‍රික් උත්සවය හෙට (26) අධිකරණ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කේතුමතී ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

සමථ දින ජාතික සැමරුම් උත්සවය සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විනිසුරු හෙක්ටර් එස්.යාපා මහතා ඇතුළු කොමිෂන් සභා නිලධාරීන් හා සමථ මණ්ඩල සභාපතිවරුන්, හා සමථකරුවන් සහභාගි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි අප බැඳිය යුතුයි – අගරඳගුරු

Mohamed Dilsad

අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් වෙයි

Mohamed Dilsad

Leave a Comment