ප්‍රමුඛ පුවත 1

ඇමති සාගල ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ලන්ඩන් නුවර වැඩමුළුවට සහභාගීවෙයි

(උදයම්,කොළඹ) – ඇමති සාගල ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබද වැඩමුළු කිහිපයකට සහභාගී වෙයි.

ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබද දිනය නිමිත්තෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පාර්ලිමේන්තු සමුළුවේ වැඩමුළු කිහිපයකට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ දිනවල සහභාගිවී සිටි.

මෙම වැඩමුළු තුලින් ජාතික ආරක්ෂාව පිළිබදව මෙන්ම අන්තරජාල ආරක්ෂාව පිළිබදවද අවදානය යොමුකරනු ලබයි. පසුගිය 27 වැනිදා ඇරඹි මෙම වැඩමුළු පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර මීට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාද එක්ව සිටියේය.

Related posts

මාරවිල මාරක බස් අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට…

Mohamed Dilsad

ජනපති නවදිල්ලිය නුවරට

Mohamed Dilsad

ව්‍යාජ ලේබල් අලවා විකිණීමට ඉදිරිපත් කළ පොලිතින් නිෂ්පාදන අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment