විදෙස්

අමෙරිකාව වසර 16 කට පසු මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට සැරසේ

(UTV| ඇමරිකාව) – වසර 16 කට පසු මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව මරණ දඬුවම නියම වූ පුද්ගලයින්ට වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අමෙරිකා නීතිපති විලියම් බාර් මහතා එරට බන්ධනාගාර කාර්යාංශයට දන්වා ඇත්තේ රැඳවියන් 5 දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.

මෙලෙස මරණයට පත්කිරීමට සුදානම්ව ඇත්තේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිසක් වන අතර මෙය ලබන දෙසැම්බර් සහ ජනවාරි අතර කාලය තුළ ක්‍රියාවට නැංවීම සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පලවන්නේ.

2003 අමෙරිකාවේ මරණ දඩුවම අවසාන වරට ක්‍රියාවට නංවා තිබුන අතර එරට ප්‍රාන්ත අතුරින් මරණ දඩුවම සක්‍රීයව පවතින්නේ 29 ක පමණයි.

මේ වනවිට එරට තුළ මරණ දඩුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 2673 ක් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපති බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක.

Mohamed Dilsad

හූති ගරිල්ලන් නිරූපිකාවක් පැහැරගනී

Mohamed Dilsad

Leave a Comment