විදෙස්

ඉන්දිය ජාතික ආරක්ෂාව පිලිබඳ මොදිගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ඉන්දියාවේ  ජාතික ආරක්ෂාව කිසිදු බලවේගයකට යටකළ නොහැකි බවත් එම තීරණ කිසිදු පීඩනයකින් වෙනස් කළ නොහැකි බවත් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

කාගිල් යුද්ධයේ 20 වන අනුස්මරණය නිමිත්තෙන් නවදිල්ලියේ පැවති  සැමරුම් උත්සවයට සහභාගිවෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉන්දීය ආරක්ෂක හමුදා නවීකරණය කිරීමට රජයේ ප්‍රමුඛතාව හිමිවන අතර යුද ගුවන් සහ නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීමට කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්දීය ආරක්ෂක හමුදා විසි වසරකට පෙර කාෂ්මීර දේශසීමාවේ කාගිල් ප්‍රදේශයේ පාකිස්ථාන හමුදා අභිබවා ලද ජයග්‍රහණය මෙලෙස ඊයේ (27) සමරනු ලැබු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයි

Editor O

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

නයිජීරියාවේ වසංගත උණ රෝගයක්

Mohamed Dilsad

Leave a Comment