ප්‍රමුඛ පුවත 1

සරසවි උපාධිධාරින් 16,800 කට රජයේ පත්වීම්

(UTV| කොළඹ) – සරසවි උපාධිධාරින් 16,800 කට රජයේ පත්වීම් ලබා දීම වැඩපිළිවෙල යටතේ පළමු අධියර ලෙස උපාධිධාරීන් 3800 කට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් අද (30) අරලියගහ මන්දිරයේදි පත්වීම් ලබාදිමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කලේ සෙසු සියලු පත්විම් ලබන සිකුරාදාට පෙර පිරිනමන බවයි

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල තෝරාගත් සියලු උපාධිධාරීන්ට හා කලුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් උපාධිධාරීන් 200 කට අද පැවැත්වෙන උත්සවයේදි පත්වීම් ලිපි ලබාදීමට නියමිතයි.

එමෙන්ම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සෙසු දිස්ත්‍රික් 22 න් එක් දිස්ත්‍රික්කයකින් උපාධිධාරින් 40 බැගින් 880 දෙනෙකුට පත්වීම් ලබා දෙනු ඇති.

මීට අමතරව තෝරාගත් සෙසු උපාධිධාරීන්ට හෙට, අනිද්දා හා සිකුරාදා  යන දිනයන්හී අදාල පත්වීම් ලබාදෙන ලෙසටය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පාසල්වල අවිධිමත් ආකාරයට මුදල් එකතු කිරීම අවලංගුයි.

Mohamed Dilsad

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි…

Mohamed Dilsad

Leave a Comment