ප්‍රමුඛ පුවත 1

රන්ජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙයි

(UTV| කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණි.

මෑතකදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විවේචනය කිරිම සම්බන්ධව මෙම අපහාස කිරිමේ චෝදනාව එල්ල විය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එම චෝදනා පත්‍රය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී .බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ බාරදීම සිදුකරනු ලැබුවේය.

චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ ප්‍රශ්නගත ප්‍රකාශය වගඋත්තරකරු විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොවන බවත් ඉන් අධිකරණයට යම් අපහසුවක් වී නම් ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කිරීමට තම සේවාදායකයා සූදානම් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත දෙසැම්බර් මස 02 වන දා කැඳවීමට ද නියම කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පා.ම ජේ. ශ්‍රී රංගා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව හෙට

Mohamed Dilsad

මූල්‍ය වෙළඳපොලේ වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment