ප්‍රමුඛ පුවත 1

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාජ පුද්ගලයන් හා ආයතන ගැන අනතුරු ඇගවීමක්

(UTV| කොළඹ) – රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් බව පවසමින් ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි යොමුකරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව එම අමාත්‍යංශය පවසයි.

මෙම කණ්ඩායම් විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ උපයෝගී සහන ණය ලබාගැනීමට අපේක්ෂිත පුද්ගලයන් හට තමන් ඉල්ලා සිටි ණය අනුමත කර ඇති බව පවසමින් ඒ වෙනුවෙන් මූලික අත්තිකාරමක් ලෙස අපේක්ෂිත ණය මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් මුදලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව පැවසේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබනුයේ ණය ඉල්ලුම්පත් ලියාපදිංචි කිරීම පමණි.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මුදල් අයකිරීමක් සිදු නොකරන බව මහජනතාව වෙත මෙයින් අවධාරණය කර සිටින අතර, ණය ලබාදෙනුයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙතින් පමණක් බවත් සදහන් කරයි.

එබැවින් අදාළ බැංකු පරිශ්‍රය තුළ සේවය කරන නිත්‍ය කාර්ය මණ්ඩලය සමඟ පමණක් ණය ලබාගැනීම පිළිබඳ ගනුදෙනු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබට ණය අනුමත කර ඇති බව ප්‍රකාශ කරමින් යම් කිසි මුදලක් ලබාදෙන ලෙස කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට ද දැනුම් දීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලම්පිටියේ කාන්තාවක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

රත්නපුර දිස්ත්‍රික්කයේ හානියට පත් ආගමික ස්ථාන වෙත මුල්‍ය අධාර

Mohamed Dilsad

Leave a Comment