ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පිනී සබීතා පෙරේරා අද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට

(UTV| කොළඹ) – ප‍්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය අද (01) ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අදාළ කැදවීම සිදුකර ඇත.

එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මිය ගැන කොමිසම හමුවේ කරුණු හෙළි වී ඇති හෙයින් ඇයගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇත.

මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මෙම කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CID, STF නිලධාරීන් විසින් රාජිතගේ නිවස පරීක්ෂාවට

Mohamed Dilsad

සන්ධාන මන්ත්‍රීවරු 03 ක් ආණ්ඩු පක්ෂයට එක් වෙති..

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment