ප්‍රමුඛ පුවත 1

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

(UTV| කොළඹ) – කුවේට් රාජ්‍යයේ අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 57 දෙනාට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් සහන ලබාදීමට රජයේ අවධානය යොමුවේ.

එසේම ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට කුවේට් තානාපති කාර්යාලය විසින් පූර්ව දැනුම්දීමක් කර තිබේ.

පසුගිය ජූලි 29 වනදා කුවේට්හි විවිධ කරදර වලට ලක්වූ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් යූ .එල්. 230 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියා.

 මෙහිදී අසනීප තත්ත්වයෙන් පැමිණි කාන්තාවන් 11 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු රෝහල් ගත කරන ලදී.

අනෙකුත් අය ගුවන්තොටුපල වෛද්‍ය මධ්‍යස්ථානය හරහා පරීක්ෂාවෙන් අනතුරුව සිය ඥාතීන්හට භාරදී ඇත.

තවත් කාන්තාවන් 20 දෙනෙකුට සිය ගමනාන්තය දක්වා අවශ්‍ය ප්‍රවාහන ගාස්තු ගෙවා සිය නිවෙස්කරා යාමට සළසා දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ නඩුව යලි අධිකරණයට

Mohamed Dilsad

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර්ජාලයෙන්

Mohamed Dilsad

අකුණුසර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment