ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟ දෙකක් මාරු වෙන්නේ මෙහෙමයි

(UTV| කොළඹ) – නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වල යම් වෙනසක් සිදු කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ටෙස්ට් තරග දෙක සුපුරුදු ලෙස ගාල්ලේ දී සහ කොළඹ දී පැවැත්වීමට සුදානම් කර තිබු බවයි.

විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබුණද නොවැලක්විය හැකි හේතුවක් නිසා එම තරග දෙක මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණය වෙත ගෙන ඒමට තීරණය කර ඇත.

පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ආරම්භ වන්නේ ගාල්ල කී‍්‍රඩාංගණයේදීයි. දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වනදා කොළඹ පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා. තරග තුනකින් සමන්විත නවසීලන්ත – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන 31 වනදා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රීලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

මාලින්දගේ නිපන්දුව ගැන ICCයේ අවධානය[VIDEO]

Mohamed Dilsad

සාග් උළෙලේ දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටට

Mohamed Dilsad

Leave a Comment