ක්‍රීඩා

නුවන් කුලසේකරගේ සමුගැනීම ගැන මුරලි කිව්වා කතාව

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් නුවන් කුලසේකර සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ , නුවන් කුලසේකර යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කළ බව තමන් අවිවාදයෙන් පිළිගන්නා නමුත්, ඔහු හෝ අන් අයකු වේවා තම වර්තමාන දක්ෂතා ඔප්පු කර පෙන්වීමට තරම් සාධක නොමැති නම් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොදීම අසාධාරණයක් නොවන බවයි.

ක්‍රීඩකයෙක් ලෙස කුලසේකර දක්ෂයෙක් බවත්, එසේම ඔහු පුද්ගලයෙක් වශයෙන් ඉතා හොඳ අයෙක් බවත් මුරලි පවසයි.

පසුගිය කාලය පුරා ඔහු ක්‍රීඩා කරනු නොදුටු බවත්, එසේ ක්‍රීඩා නොකර තේරීම් කමිටුවට ඔහුගේ දක්ෂතාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය නොහැකි බවද  ඔහු කියා සිටී.

බංග්ලාදේශය සමඟ පැවැති මුල් එක්දින තරග දෙකම ජය ගෙන තිබූ අවස්ථාවේ කුලසේකරට අවස්ථාවක් දීම සුදුසු බවට තර්ක කළ හැකි වුවද, තම පෞද්ගලික මතය වන්නේ රටක් ලෙස සෑම ජාත්‍යන්තර තරගයක්ම ජය ගැනීම වැදගත් බව මුරලිදරන් පවසයි.

එසේම, නුවන් කුලසේකරට සමුගැනීම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තරඟයක් ලබා නොදීම සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන තමන්ට විවේචනයක් නොමැති බව මුත්තයියා මුරලිදරන් කියා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

Mohamed Dilsad

සොලොසානෝ වෙනුවට හෝප්

Mohamed Dilsad

දසුන් ශානකට අද තරගයත් අහිමිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment