විදෙස්

අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ නෞකාවේ සිටි පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්

(උදයම්,ලතින් ඇමෙරිකාව) – අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ දකුණු කොරියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවේ සිටි අනෙකුත් කාර්ය මණ්ඩලය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.
නමුත් මේ දක්වා නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීටර 312 ක් දිගැති මෙම දැවැන්ත වෙළඳ නෞකාව දකුනු අත්ලාන්තික් සාගරයේ ඊයේ(02) අතුරුදන් වනවිට එහි සිටි කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 24 කි.

ඉන් පිලිපීන ජාතික නැවියන් දෙදෙනෙකු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිටියදි උරුගුවේ නාවික හමුදාව විසින් බේරා ගැනුණි.

කෙසේ වෙතත් නෞකාවේ තිබූ ඉන්ධන තොගයක් සාගරයට මුසුවී ඇති බවද වාර්තාවේ.

Related posts

මියන්මාර මහ මැතිවරණයේ අවුන් සාන් සුකී ඉදිරියෙන්

Mohamed Dilsad

නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයත් අහිමි වෙයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි…

Mohamed Dilsad

Leave a Comment