ප්‍රමුඛ පුවත 1

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

 

UTV | කොළඹ –  මෙවර ශිෂ්‍යත්ව විභාගය අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 2995 කදී අපේක්ෂකයන් තුන්ලක්ෂ තිස් නමදහස් තුන්සිය හැට නම දෙනෙකු මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අතර, විභාගය පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතය.

පෙරවරු 9 වනවිට අපේක්ෂකයන් ශාලාවල අසුන් ගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා දැනුම් දෙයි.

එමෙන්ම , දෙමාපියන් විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුල්වීම තහනම් වන අතර, විවේක කාලයේදී ද ඔවුන්ට විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුලු වීමට අවසර ලබා නොදෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එසේම සිසු දරුවන්ට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් ලබාදීම වඩාත් සුදුසු බවද ඒ මහතා පැවසීය.

විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථානයන්හි රාජකාරියෙහි නියුතු විභාග නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ජනපති චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

Mohamed Dilsad

රටවල් කිහිපයක තනාපතිවරුන් පැමිණ ජනපතිට සුබ පතයි [VIDEO]

Mohamed Dilsad

නාලක ද සිල්වා අදත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment