ක්‍රීඩා

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

 

UTV | කොළඹ –  බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල් හිදී ඊයේ (03) පැවති පළමු 20 -20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු 04 ක ජයක් අත්කර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස කොදෙව් පිලට ඇරයුම් කළේය.

එම තරගයේදී කොදෙව් කණ්ඩායමට කඩුලු 09 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 95ක් පමණයි.

පිළිතුරු වශයෙන් ඉන්දිය පිල පන්දු වාර 17 යි පන්දු දෙකකදී කඩුලූ 6 ක් දැවී ලකුණු 98 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්හ.

 

 

 

 

Related posts

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්

Mohamed Dilsad

ඊයේ ජය මුම්බායි පිළට

Mohamed Dilsad

මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බරයේදී

Mohamed Dilsad

Leave a Comment