ප්‍රමුඛ පුවත 1

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලක්ෂ 600 ක ආරක්ෂණ පද්ධතියක්

 

UTV | කොළඹ –  වාර්ෂිකව පැවැත්වෙන ‍‍ඵෙතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා රුපියල් ලක්ෂ 600 ක වියදමින් ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම , සියලු ප්‍රවේශ දොරටුවල මෙම ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කර ඇති අතර, එමඟින් මාළිගාවට ඇතුලු වන සියලු පිරිස් විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග කියා සිටියේය.

මහනුවර පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ පොලිස් විශේෂ කාර්ය බලකායද ඇතුලුව පොලිස් නිලධාරීන් 7000 කට අධික පිරිසක් රාජකාරියේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේය.

Related posts

කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

Mohamed Dilsad

අනිද්දා පැය 18 ක් කොළඹට ජලය සැපයුම නවතී

Mohamed Dilsad

මොහොමඩ් සියාම් ඝාතනය: මරණ දඬුවම ලැබූ සිරකරුට උපාධිය ලබා ගැනීමට අවසර

Mohamed Dilsad

Leave a Comment