ප්‍රමුඛ පුවත 1

ගණිත ගුරුවරයා ඇතුළු අටදෙනා ඇප මත නිදහස්

(UTV| කොළඹ) – කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 8 දෙනා ඇප මත මුදා හැර තිබේ.

ඔවුන් අද(05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, වින්දිතයින්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදු කිරීමට නොහැකි බවද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(05)  දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කෙරුණි.

පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් වෑන් රථයක් නවතා එම රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

Mohamed Dilsad

ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment