ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නෑ – ජනපති

(UTV| කොළඹ) – පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව ජනාධිපතිවරයා පවසයි.

ඒ බව නීතිපතිවරයා විසින් තමා වෙත දන්වා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති, රට වෙනුවෙන් එකට සිටිමු, ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැගෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

පසුගිය 29 වනදා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු “රට වෙනුවෙන් එකට සිටිමු” හය වන වැඩසටහන දින 06 ක් පුරා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර තුන් ලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සලසමින් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් හාරදහසකට අධික සංඛ්‍යාව වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 123කි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මීට පෙර පුත්තලම, මඩකලපුව, අම්පාර, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කෙරුණු අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, සාමාජීය, පරිපාලන හා පාරිසරික ගැටලු විසදීමට රජයේ දායකත්වය ලබාදීම වැඩසටහනේ අරමුණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුරහල අවට රථවාහන තදබදයක්

Mohamed Dilsad

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සජිත් අද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවකට

Mohamed Dilsad

Leave a Comment