ක්‍රීඩා

“ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන මට විවේචනයක් නැහැ” – මුරලි

(UTV|COLOMBO) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන මුත්තයියා මුරලිදරන් නුවන් කුලසේකර සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ , නුවන් කුලසේකර යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කළ බව තමන් අවිවාදයෙන් පිළිගන්නා නමුත්, ඔහු හෝ අන් අයකු වේවා තම වර්තමාන දක්ෂතා ඔප්පු කර පෙන්වීමට තරම් සාධක නොමැති නම් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොදීම අසාධාරණයක් නොවන බවයි.

ක්‍රීඩකයෙක් ලෙස කුලසේකර දක්ෂයෙක් බවත්, එසේම ඔහු පුද්ගලයෙක් වශයෙන් ඉතා හොඳ අයෙක් බවත් මුරලි පවසයි.

පසුගිය කාලය පුරා ඔහු ක්‍රීඩා කරනු නොදුටු බවත්, එසේ ක්‍රීඩා නොකර තේරීම් කමිටුවට ඔහුගේ දක්ෂතාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය නොහැකි බවද  ඔහු කියා සිටී.

බංග්ලාදේශය සමඟ පැවැති මුල් එක්දින තරග දෙකම ජය ගෙන තිබූ අවස්ථාවේ කුලසේකරට අවස්ථාවක් දීම සුදුසු බවට තර්ක කළ හැකි වුවද, තම පෞද්ගලික මතය වන්නේ රටක් ලෙස සෑම ජාත්‍යන්තර තරගයක්ම ජය ගැනීම වැදගත් බව මුරලිදරන් පවසයි.

එසේම, නුවන් කුලසේකරට සමුගැනීම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තරඟයක් ලබා නොදීම සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන තමන්ට විවේචනයක් නොමැති බව මුත්තයියා මුරලිදරන් කියා සිටී.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]

Related posts

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජයග්‍රහණයට

Mohamed Dilsad

වනිඳු හසරංගට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment