ප්‍රමුඛ පුවත 1

කොළඹ කසල පුත්තලම අරුවක්කාලු කසල අංගණයට

(UTV| කොළඹ) – කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කසල පුත්තලම අරුවක්කාලු කසල අංගණය වෙත බැහැර කිරීමට අදාල ගිවිසුමකට අත්සන් තැබීම සිදුකර ඇත.

ඒ අනුව ලබන ඉරිදා සිට කසල බැහැර කිරීමේ කටයුතු ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය ස්ථාවර කමිටුවේ සභාපති නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

කෙරවලපිටියේ පිහිටි කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානයට කොළඹ මහ නගර සභාවට වෙන් කර තිබූ ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් එම බල ප්‍රදේශයේ කසල භාර ගැනීම මීට දින කිහිපයකට පෙර අත්හිටුවීමට ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව තීරණය කළේය.

මේ හේතුවෙන් කොළඹ නගරය අවට ස්ථාන රැසක කසල විශාල වශයෙන් ගොඩගැසී ඇති අතර මහජනතාවද දැඩි අසීරුතාවකට පත්ව සිටී.

කෙසේ වෙතත් ලබන 11 වනදා අරුවක්කාලු කසල අංගණයට කසල බැහැර කිරීම ආරම්භ කරන තෙක් ඉදිරි දින කිහිපය කෙරවලපිටිය කසල අංගණයට කසල බැහැර කිරීමට අවසර දෙන ලෙස කොළඹ මහ නගර සභාව ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැටන් – කොළඹ මාර්ගයේ මංතීරුවක් ගිලා බසී

Mohamed Dilsad

ජනපති නවදිල්ලිය නුවරට

Mohamed Dilsad

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment