ප්‍රමුඛ පුවත 1

ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනා නිදහස් (UPDATE)

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල අද (08) නියෝග කළේය.

නඩුවේ තීන්දුව ලබාදුන්නේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල විසිනි.

ගාමිණී සෙනරත්ට අමතරව මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබූ අනෙක් විත්තිකරුවන් දෙදෙනා වන්නේ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාරයි.

මොවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරනු ලැබුවේ.

 

—————————————————————————————————————————————–

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවේ, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදී පරිහරණය ඇතුළු අධිචෝදනා 24 ක් යටතේය.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500 ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

උණ රෝගින් ප්‍රති ආසාත්මික ඖෂධ භාවිතයෙන් වළකින්න

Mohamed Dilsad

පරිපාලන නිලධාරීන් සදුදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment