ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව යලි කල් යයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට කුරුණැගල මහේස්ත්‍රාත්වරයා අද (09) නියෝග කළේ සිව් වැනි දිනටත් එම නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව චෝදනා එල්ල වෙයි.

නඩු විභාගය ආරම්භයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාළව පිටු 12 ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර , විත්තිකාර පාර්ශ්වය හා අගතියට පත් පාර්ශවයද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව කරුණු සලකා බැලු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කරනු ලැබීය.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතය තහනම්

Mohamed Dilsad

කිසිම පෞද්ගලික නාලිකාවකට පාර්ලිමේන්තු විකාශන අයිතිය ලබා දී නොමැති බව කතානායක කියයි

Mohamed Dilsad

නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනෙක් දිව්රුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment